As Deka Diha Balana - Karunarathna Divulgane ඇස් දෙක දිහා බලන කරුණාරත්න දිවුල්ගනේ

Watch this video via Vidmaski


ඇස් දෙක දිහා බලන
ඔය ඇස් කියනා කතාව
තේරුම් ගන්නත් පුළුවන්
මගහැර යන්නත් පුළුවන්
සිත් මල සෝදාගෙන
ගලන සුවඳ මුදු වුණාට
මතකයෙ ඉන්නත් පුළුවන්
අමතක වෙන්නත් පුළුවන්...
.

සාගර ජලය තරමට
ආදරෙ සුවඳ නිම් නැත
පා වෙන සුළඟ තරමට
ජීවන ගමනෙ දුර ඇත
තව මොහොතක් හිතන්න
දවසක් දෙකක් දෙන්න
එතකොට පුළුවන් වෙයි
අපිටම අපගේම වෙන්න
අපිටම අපගේම වෙන්න...
.

කූඩුවෙ සතුට අතරට
කඳුළක් එන්න ඉඩ තියෙයි
පූරුවෙ කරපු පවකට
දෙපසක වෙන්න හරි හිතෙයි
සුවඳින් දුරක් යන්න
සැකයෙන් දුරස් වෙන්න
මේ හමු වීම සඳක්
සංසාරෙට එළිය දෙන්න
සංසාරෙට එළිය දෙන්න...
.

පද - දන්න ජයනාත්
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
as deka diha balana oya as kiyana kathava